පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින දෙකක්


 (ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරණය වෙනුවෙන්  පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සදහා නොවැම්බර් මස 4 හා 5 යන දින දෙක ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 මේ අනුව පොලිස් නිලධාරීන් 75,000 ට අධික පිරිසකට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව හිමිවන බවද හෙතෙම සදහන් කළේය.
 
මෙම දින  දෙක තුළ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීමට නොහැකි  පොලිස් නිලධාරීන්ට නොවැම්බර් මස 7 වැනි දින අදාල දිස්කි‍්‍රක් ලේකම් කාර්යාල වෙත ගොස් ඡන්ද භාවිතා කළ හැකි බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටක් කීය.