(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ධාවනය වෙමින් පැවති යතුරු පැදියක් මතට පොල් ගසක කරටියක් කඩා වැටී බරපතල තුවාල ලැබූ එක්දරු පියෙකු දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(15) මියගිය බව දිවුලපිටිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ දිවුලපිටිය බෝමුගම්මන පදිංචිව සිටි එච්.ආර්. ඩිනාල් සඳරු ලක්ෂාන් 25 නැමැති බැංකු සේවකයෙකි.
පස්යාල කලල්පිටියේ පදිංචිව සිටි සේවයට යමින් සිටින අවස්ථාවේ දිවුලපිටිය ගම්පහ මාර්ගයේ වැවගෙදර ප‍්‍රදේශයේදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි මූලික පරීක්ෂණයේදී හෙළි වී ඇත.
මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂනය බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්සක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ පැවැත්විණි. දිවුලපිටිය දිසා රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිලධාරි හේමන්ත අල්විස් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
හිස් කබලට හා මොළයට සිදුවූ බරපතල හානි හේතුවෙන් මරණය සිදුවඅති බව පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාවෙන් කියවුණු අතර මෙම මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා තීරණය කළේය.

