පොදු ජන පෙරමුණ පක්ෂ 14 ක් සමඟ ගිවිසුම් ගතවෙයි


(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තවත් පක්ෂ 14 ක් සමඟ අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීම එම පෙරමුණේ මිරිහාන මැතිවරණ කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ සිදුකෙරිණි.

එහිදී පක්ෂ හා පෙරමුණු 15 ක් නියෝජනය කරමින් ඒවායේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා අතර ගිවිසුම් අස්සන් කෙරිණි.

මෙම පක්ෂ හා පෙරමුණු අතරින් බහුතරය මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව සිටි පක්ෂ හා පෙරමුණු වේ.

අකිල් ඉලංගෙයි ද්‍රවිඩ මහ සභාව, ශ්‍රී ටෙලෝ පක්ෂය, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය, ජනතා සේවක පක්ෂය, එක්සත් ලංකා ජනතා පක්ෂ්‍ය, ඉන්දීය සම්භවයක් ඇති ජනතා පක්ෂය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, ප‍්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය, ජාතික පෙරමුණ, එක්සත් ප‍්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, දේශපේ‍්‍රමී ප‍්‍රගතිශීලී ජනතා පෙරමුණ, ඉස්ලාම් සමාජවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන කොන්ග්‍රසය යන පක්ෂ හා සන්ධාන මෙසේ ගිවිසුම්වලට එළැඹුණහ.

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එම ගිවිසුම්වලට අත්සන් කරනු ලැබුයේ එහි ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

එම ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ඒ ඒ පක්ෂවල නියෝජිතයෝ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ඡායාරූප- ලහිරු හර්ෂණ