(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව සඳහා අතිරේක බලතල ලබාදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ප‍්‍රකාශයට පත්කර ඇත.
එම කොමිෂන් සභාව මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙසේ අතිරේක බලතල ලබාදෙන බව ද එම ගැසට් පත‍්‍රයෙහි සඳහන් වේ.
ඒ අනුව 2008 අංක 16 දරණ පනතින් සංශෝධිත පරීක්‍ෂණ කොමිෂන් සභා පනතෙහි (393 වන අධිකාරය) 8 (1) (අ) සහ (ආ) වගන්තිය යටතේ නිශ්චිත වශයෙන් දක්වා ඇති බලතල ද මෙම කොමිෂන් සභාව වෙත පවරා දෙන බව එහි සඳහන්ය.

