ප්‍රවීණ, සම්මානිත ලේඛකයකු වන සමරවීර විජයසිංහ මහතා අද(04) අභාවප්‍රාප්ත විය.
ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනූ ‘ස්වයංජාත’ නවකතාව, රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ‘කෙලෙස් පර්වත’, ‘වැස්ස වළාහක’, ‘ඉර මුදුන’ යන නවකතා සහ කෙටිකතා සංග්‍රහ රැසක් පළ කර ඇති විජයසිංහ මහතා මිය යනවිට 78 වන වියේ පසුවිය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන ලිපිකරු වශයෙන්ද ඒ මහතා සේවය කර ඇත.
සමරවීර විජයසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බේරුවල, අඹේපිටිය, අංක 63/බී දරන ඒ මහතාගේ නිවසේ දී 6 වන බදාදා දින සවස 4.00ට පැවැත්වීමට නියමිතය.

