(විනීතා එම් ගමගේ)
ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් විසින් ජනතාව ඉදිරියේ තබා ඇති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දෘෂ්‍යාබාධිත ජනතාවගේ පහසුව සඳහා බ්‍රේල් ක‍්‍රමයට මුද්‍රණය කර හෝ සංයුක්ත තැටියක් වශයෙන් ඔවුන්වෙත ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි පැෆරල් සංවිධානය සියලූ අපේක්ෂකයන් හා පක්ෂවලින් ඉල්ලීමක් කරයි.
දෘෂ්‍යාබාධිත ජනතාව දෙලක්ෂයකට ආසන්න පිරිසක් ටෙරට වෙසෙන බැවින් හා එම පිරිස ජනාධිපතිවරණයේ දී සැළකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් වන බැවින් ඔවුන්ට ඒ ඒ අපේක්ෂකයන් ගේ අනාගත සැළසුම් හා ප‍්‍රතිපත්ති දැන ගැනීමට අයිතියක් ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
ඔවුන් වෙනුවෙන් තම ප‍්‍රතිපත්ති ගැන කියනවාට වඩා ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වන්නට අවස්ථාවක් වන බැවින් මේ පිළිබඳව ක‍්‍රියාත්මක වන්නැයි ඉල්ලා සිටින බව ද හෙට්ටිආරච්චි මහතා කීය.
දෘෂ්‍යාබාධිත පුරවැසියන්ගේ සංගම් කිහිපයක් පැෆරල් සංවිධානය සමඟ කළ සාකච්ඡාවකදී මේ පිළිබදව අදහස් දැක්වූ බවත් මේ වනතුරු කිසිදු අපේක්ෂයෙක් ද්‍රෘෂ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් තම ප‍්‍රතිපත්ති දැන ගැනීමට ක‍්‍රමයක් සකස් කර නැතැයි ඔවුන් පැවසූ බව ද හෙතෙම කියා සිටියේය.

