ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ඔක්තෝබර් 14 වැනිදා සිට පසුගිය 04 වැනිදා දක්වා කාලයේදී වියදම ලෙස ඇස්තමේන්තු කරන ලද මුදල රුපියල් මිලියන 1,257 ක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
මුද්‍රිත ,විද්‍යුත් මාධ්‍ය හරහා කළ ප්‍රචාරණ කටයුතු සහ වෙනත් ප්‍රචාරණ කටයුතු සඳහා මෙලෙස වියදම් වී ඇතැයි ගණනය කර ඇත.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් නිකුත් කළ වාර්තාවේ තොරතුරු පහත දැක්වේ.
| පක්ෂය | මුද්‍රිත මාධ්‍ය | විද්‍යුත් මාධ්‍ය |
වෙනත් වියදම් (රැලි ප්‍රවර්ධන ආදීය) |
ඇස්මේන්තුගත වියදම(මිලියන) |
|---|---|---|---|---|
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 53 | 603 | 94 | 750 |
| නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ | 104 | 253 | 113 | 470 |
| ජාතික ජන බලවේගය | 1 | 17 | 13 | 31 |
|
ජනසෙත පෙරමුණ |
0 | 4 | 0 | 4 |
| ජාතික ජනතා ව්‍යාපාරය | 2 | 0 | 0 | 2 |
| එකතුව 1,257 | ||||

