නීතිවිරෝධී රා තොගයක් සමග හිමිකරු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද(15) අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදී නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
හිමිකරු සමග රා ලීටර්  83,000ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු අලුත්ගම සුරාබදු ඒකකයට බාරදීමට නියමිත බවද ඒ මහතා කීය.