(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර පළාතේ ආදිවාසී නායකයන් ඇතුළු ආදිවාසීහු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්වූහ.
අම්පාර ආදීවාසී නායක රඹකැන්ඔය පෝල්ලෙබැද්ද ගම්මානයේ මහ බණ්ඩාරලාගේ අප්පු ආදීවාසී නායකතුමා ඇතුළු පිරිසක් මෙලෙස සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදීම සඳහා එක්වූහ.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද(31) මෙම පිරිස පිළිගත්තේය.
දිවංගත රණසිංහ පේ‍්‍රමදාස ජනපතිවරයා තම ආදීවාසී පරපුර ගැන සොයා බලා අවශ්‍ය පහසුකම් සපයා දුන් බවත්, ඒ අනුව යමින් සජිත් පේ‍්‍රමදාස මහතා තම ජනයාගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීවි යැයි විශ්වාස කරන බවත් එහිදී අදහස් දැක්වූ අම්පාර ආදී වාසී නායක රඹකැන්ඔය පෝල්ලෙබැද්ද ගම්මානයේ මහ බණ්ඩාරලාගේ අප්පු ආදීවාසී නායකයා සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර, හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

