ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කෙරේ


(මහින්ද නිශ්ශංක)

දුම්රිය වර්ජනය අවසන් වුවද අද පෙරවරුවේ සහ පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක්ම අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලන කාර්යාල කියයි.

මීට අමතරව තවත් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කෙරුණු බවද දුම්රිය පාලන කාර්යාලය පවසයි.

දුම්රිය කාර්ය මණ්ඩලය නොපැමිණීමෙන් සහ පැමිණිම ප්‍රමාද වීමෙන් මෙම දුම්රිය අවලංගු කිරීමට සහ ප්‍රමාදවීම සිදුවූ බව දුම්රිය පාලන කාර්යාලය වැඩිදුරටත් පැවසීය.