( ජයන්ත සමරකෝන්)
ජාතික හැඳුනුම්පත් සකස් කිරීමට රැගෙන එන උප්පැන්න සහතික පිටපත් අතර ව්‍යාජ ලෙස සැකසු සහතිකපත් 50 කට ආසන්න ප්‍රමාණයක් දිනකට සොයාගන්නා බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
මෙම තත්ත්වය අවම කිරීම සඳහා උප්පැන්න සහතික මුල් පිටපත් වෙනුවට ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් නිකුත් කෙරෙන සහතික පත්‍රයක් රැගෙන ඒමට උපදෙස් දී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
එහෙත් මෙම පිටපත විවිධ වෙනස් කිරීම් වලට භාජනය කර හැඳුනුම්පත් ලබා දීමේ උත්සාහයක් පවතින බවත් වරද පිළිගැනීම නිසා අවවාද කර රුපියල් 500 ක දඩ මුදලක් අය කරන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
දිනපතා එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් 2000 කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කෙරේ.

