(කුෂාන් ජයවර්ධන)
කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීමේ මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ ගත කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙකු අද (01) පස්වරුවේ කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන් විසින් කර ඇති පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකාර ගුරුවරු දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට පැමිණී අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගෙන ඇති බව පොලිසිය කියයි.සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන දෙකක් ද වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා සිය භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
මෙලෙස සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකකට අනියුක්තව කටයුතු කරන ගුරුවරුන් දෙදෙනෙකු වන අතර ඔවුන් අවුරුදු 30 හා 31 යන වයස්වල පසුවන්නෝ බව පොලිසිය කියයි.
සැකකරුවන් කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.

