(ජයන්ත සමරකෝන්)
2017 ට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින් 5,75000 කගේ විශ්‍රාම වැටුප් විෂමතා අතරින් මේ වන විට 80% කගේ වැටුප නිවැරදි කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
ඒ අනුව තවත් ඉතිරිව ඇති 20% කගේ වැටුප් විෂමතා මේ මාසය අවසන් වීමට පෙර සකස් කරන ලෙසට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා උපදෙස් ලබා දී ඇත.
මෙම වැටුප් විෂමතා සකස් කර ගෙවීම් කටයුතු ආරම්භ කරනු ලැබූයේ රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ 14/2019 ට අනුව ඉකුත් ජූලි මාසයේදීය.
දැනට විෂමතා ගෙවීමට සිටින සංඛ්‍යාව 115,000 වැනි සුළු පිරිසකට පමණක් බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි. මෙරට සමස්ත විශ්‍රාමිකයින්ගේ සංඛ්‍යාව 6 35, 000කි.

