ඩුබායි සිට ගෙන ආ කෝටි 6 ක සිගරට් විනාශ කරයි


(මහින්ද නිශ්ශංක)

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටි 6 ½ ක් පමණ වටිනා සිගරට් ලක්ෂ 10 ක් කොටහේන ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී අද (4) පෙරවරුවේ විනාශ කිරීමට රේගුව පියවර ගෙන තිබේ.

විදුලි බුබුළු උපකරණ යනුවෙන් ප්‍රකාශ කර ඉකුත් වසරේ අගභාගයේ දී නැව් මාර්ගයෙන් මෙරටට රැගෙන ඒ මේදී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන රාජසන්තක කරනු ලැබීය.