(නිමල කොඩිතුවක්කු)
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානයේ නායකයෝ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(4) හමුවූහ.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා ගැනීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව කොළඹ අරලියගහ මන්දිරයේදී ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු අග‍්‍රාමාත්‍යවරයා හමු වූහ.
හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා ඉදිරිපත් කර තිබෙන වාර්ථාත් මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප‍්‍රකාශත් පදනම් කරගනිමින් නව ව්‍යවස්තාව සකසන බවට ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුළත් කර තිබෙන කරුණු පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති හමුවේදී දෙමළ පක්ෂ නායකයන්ගේ අවධානය යොමුවිය.
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම පාර්ශවය වන ඉලංගයි තමිල් අරසුකච්චි සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයේදි සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට ඊයේ තීරණය කෙරිණි.
ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල සහායද සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ නිල ප‍්‍රකාශයක් කරන බව ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවැසීය.

