ටෙලර් කොල්ලකරු රිමාන්ඞ් ලක්ෂ 61 කුත් සොයා ගනී


කන්තලේ ලංකා බැංකුවේ ටෙලර් යන්ත‍්‍රය කඩා රුපියල් හැටහය ලක්ෂයක් පැහැර ගත් බව කියන තරුණයා කන්තලේ වැඩ බලන මහේස්ත‍්‍රාත් ඞී. ටී. එම්. මොනිකා පෙරේරා මහත්මිය විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පසුගිය නව වැනිදා සිදුවූ මේ සොරකමෙන් පැහැරගත් රුපියල් ලක්ෂ 41 දින දෙකකට පසුද තවත් රුපියල් ලක්ෂ 20 අදද සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. රිමාන්ඞ් භාරයට පත්වූයේ කන්තලේ පෙරාරු ජනපදයේ එස්. රයිප් (28) නමැත්තෙකි.