(ආරියරත්න රණබාහු)
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (26) පෙරවරු 9.30 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පදනම් ආයතනයේදී එළිදැක්වේ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් ද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එහි ක්‍රියාකාරීන්ද ජාතික ජන බලවේගයට සම්බන්ධ විවිධ වෘත්තිකයන් විද්වතුන් සහ ක්‍රියාකාරීන්ද සහභාගි වීමට නියමිතය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමෙන් පසු පොත් පිංචක් ලෙස දිවයිනේ සෑම නිවසකටම බෙදා හැරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත් ලංකාදිපයට පැවසීය.

