(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (15) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවූ බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමනාකරණ කමිටුවේ කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැකි බැවින් ජනාධිපතිවරයා මීට ඉහතදී එය අහෝසි කර ජාතික ආර්ථික සභාව පිහිටුවීය.
ජනාධිපතිවරයාගේ නිල කාලය තවත් මාසයකින් අවසන් වන බැවින් ඔහු යටතේ පැවති ජාතික ආර්ථික සභාව මෙසේ අහෝසි කර ඇතැයි දැනගන්නට තිබේ.

