ජපුර සිසු දහයකගේ පන්ති තහනම්


විනය විරෝධී කි‍්‍රයාවන්ට සම්බන්ධ වූ බව කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනකුගේ පන්ති තහනම් කළ බව උප කුලපති ආචාර්ය එන්.ඒ. එල් කරුණාරත්න මහතා කියයි. නවක සිසුන් නීති විරෝධී  දේශනවලට බලහත්කාරයෙන් රැගෙන යෑම, විශ්ව විද්‍යාල පරිපාලනයට  විටින් විට බාධා කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනුමට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් ඔවුනට එරෙහිව ලැබී ඇතැයි කුලපතිවරයා පවසයි.