ජපානයේ ලෝක උරුම ෂූරි බලකොටුව ගිනි ගනී


ජපානයේ දකුණු දිග ඔකිනාවා දූපතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන ෂූරි බලකොටුව ගිනිගැනීමෙන් විනාශ වී ඇතැයි වාර්තා වේ.

අද (31) අලුයම් කාලයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක් ගන්නා නමුත් බලකොටුවේ ප්‍රධාන ගොඩනැගිල්ල සහ උතුරු හා දකුණු  කොටස් සම්පූර්ණයෙන්ම ගින්නට හසුව ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

දැවයෙන් නිමවා ඇති බලකොටුව වසර 500ක් පමණ පැරණි රයුකු රජ සමයට අයත් වේ. 1933 වර්ෂයේදී මෙය ජපානයේ ජාතික වස්තුවක් ලෙස නම් කරන ලදී.

ෂූරි බලකොටුව දෙවැනි ලෝක යුද සමයේ දී  ද සම්පූණයෙන් විනාශ වූ අතර වර්තමානයේ ඇත්තේ එහි ප්‍රතිනිර්මාණයකි.

ගින්නට හේතුව අනාවරණය වී තොමැති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ.

ගින්නෙන් කිසිවකුටත් හානි සිදුවී නොමැත.

(බීබීසි ඇසුරිණි - 085)