(ඉන්දිකා රාමනායක)
කොටුව පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ බැරැක්කයට අයත්, පොද්ගලික රථගාලේ සිදු වූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.
මෙම ගින්න ඊයේ රාත්‍රියේ 10.00ට පමණ සිදුව ඇති අතර කොළඹ ගිනි නිවන හමුදාවේ ගිනි රථ 4ක් සමඟ ගිනි නිවන භටයින් 20දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පැයකට ආසන්න කාලයක් තුළදී මෙම ගින්න නිවා දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
රජයේ රස පරීක්ෂකවරයාද අද පෙරවරුවේ මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආකරම්භ කර තිබුණි.
සිද්ධියෙන් යතුරු පැදි 47කට හා ත්‍රිරෝද රථයකට අලාභ හානි සිදුව ඇති අතර ඉන් යතුරුපැදි 5ක් පොලිස් යතුරුපැදි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

