(බිඟුන් මේනක ගමගේ)
මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් ජනාධිපති අපේක්ෂකයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කරන ජනමාධ්‍ය ආයතනවල පක්ෂග්‍රාහීත්වය ලේබල් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇතැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
අපක්ෂපාතීව කටයුතු කරන ලෙස සියලුම පෞද්ගලික ජනමාධ්‍ය ආයතන වෙත ලිපි මගින් දන්වා යැවීමට මැතිවරණ කොමිසම තීරණය කළේ යැයි ද දේශප්‍රිය මහතා පැවසීය.
ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනාගේම නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව කී හෙතෙම මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන රාජ්‍ය මාධ්‍ය ආයතන එම නියෝගය උල්ලංගනය කර ඇති බව සැලකීමට සිදුවනු ඇතැයි ද අවධාරණය කළේය.
ඒ අනුව ඔවුන්ට දඩුවම් කළ හැකි බව දන්වමින් ගැසට් නිවේදනයක් මේ සතිය තුළ නිකුත් කරන්නේ යැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

