ජනපතිවරණයට අලුතින් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 3000ක්


(රංජන් කස්තුරි)
 
මෙවර ජනාධිපතිවරණයේදී භාවිත කිරීම සඳහා අලුතින් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 3000ක් මිලදී ගත් බව මැතිවරණ කොමිසම කියයි.
 
එම කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ජලය කාන්දු නොවන ආකාරයෙන්, ආරක්ෂිත ලෙස සකස්කර තිබෙන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 
මෙවර ජනාධිපතිවරණය සඳහා කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටියකට රුපියල් 1500ක් බැගින් වැය වූ බවද, ප්ලාස්ටික්  ඡන්ද පෙට්ටියක් වෙනුවෙන් රුපියල් 8500ක්  වැය වන බවද ඔහු කීය.
 
කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි යාපනය, වන්නි, අම්පාර, කුරුණෑගල, මඩකලපුව, පොළොන්නරුව, පුත්තලම, අනුරාධපුරව යන දිස්ත්‍රික්කවල ඡන්ද පොළවල භාවිතයට ගන්නා බවද දේශප්‍රිය මහතා පැවසීය.