(විනීතා එම් ගමගේ)
ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ වෛරීසහගත ප‍්‍රකාශ ඉහළ යාමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.
විශේෂයෙන් මැතිවරණ රැස්වීම් වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන අසත්‍ය සහ වෛරීසහගත ප‍්‍රකාශ වර්ධනයවීමක් දක්නට ලැබෙන බවකාෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ලංකාදීපයට පැවැස පැවසුවාය.
ඇතැම් අපේක්ෂකයින් සමාජ ජාලා තුළ සිය මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරනු වෙනුවට ප‍්‍රතිවාදී අපේක්ෂකයින් අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බව පෙනී යන්නේ යැයි ඇය සඳහන් කළාය.
විශාල ප‍්‍රමාණයක් ග‍්‍රාහකයින් සිටින ෆෙස්බුක් පිටු සහ යූ ටියුබ් නාලිකා මිලට ගනිමින් ඒ ඔස්සේ සිය ප‍්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳ වැරදි මත ප‍්‍රචාරය කිරීමේ මෙම වැඩපිළිවෙළ තුළින් සැබෑ ජනමතය විකෘති විය හැකි බව ආරියවංශ මහත්මිය අවධාරණය කළාය.
මීට අමතරව මැතිවරණ වේදිකාවල ද වෛරී සහගත ප‍්‍රකාශ සහ ජාතිවාදය මතුකර දැක්වීමේ ප‍්‍රකාශ වර්ධනය වී ඇති බව කී ඇය මෙම තත්වය තවදුරටත් වර්ධනය වීම තුළින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇතිවීමේ අවධානම ඉහළ යන බව ද පෙන්වා දුන්නාය.
කැෆේ සංවිධානය මෙවර ජනාධිපතිවරණයත් සමඟ සමාජ මාධ්‍ය නිරික්ෂණය කිරීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර එහි නිරික්ෂණයන්ට අදාලව ඇය මෙම තොරතුරු හෙළි කළාය.

