(එස්. ඩි.කොඩිකාර)
මොරවක, කළුබෝවිටියන රුවන්කන්ද ඓතිහාසික රජමහා ලෙන් විහාරස්ථානයේ ඉදිකළ ධර්මශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානත්වයෙන් අද (03) පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණි.
කෙසේ නමුත් අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ හෙලිකොප්ටර් යානය ගොඩබැස්ස වීමට නොහැකිවීම හේතුවෙන් ජනාධිපතිවරයාට එම උත්සවයට සහභාගි වීමට නොහැකිවිය.
පසුව එම උත්සවය සඳහා පැමිණි වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් එම පස් මහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණු අතර දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා සහ හිටපු රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකෙරෙන නව බෝධි ප්‍රාකාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා ද මුල් මුල්ගල තැබුණි.
මෙම පස් මහල් ගොඩනැගිල්ලේ පළමු හා දෙවන මහල් දායක පින්වතුන්ගේ ආධාර උපකාර ඇතිව ඉදිකෙරුණු අතර තෙවන, සිව්වන සහ පස් මහල් ගොඩනැගිලි ජර්මන් ජාතික වෘර්සුලා බයර් මැතිණියගේ වියදමින් ඉදිකළ බව රුවන්කන්ද ඓතිහාසික රජමහා ලෙන් විහාරස්ථානයේ විහාරාධිපති දෙහිගස්පේ සුමනසාර හිමියෝ පැවසුහ.

