ජනපති යළි දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ  තෙදින නිල සංචාරය නිමා කර දිවයිනට පැමිණියේය.

ජපානයේ නරුහිතෝ කුමරුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා ඒ මහතා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද සංචාරයට සහභාගී වූහ.

මෙම පිරිස ඊයේ රාත්‍රී 11.35ට සිංගප්පූරුවේ  සිට පැමිණි එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.