ජනපති ජපානයට


 (ටී.කේ.ජී.කපිල)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද(21) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය.

ඒ මහතා සමග පවුලේ සාමාජිකයන් සහ දූත පිරිස ලෙස 21 දෙනෙක් ද සංචාරය සඳහා එක්ව සිටියහ. මෙම පිරිස අලුයම 1.10 ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.

මෙය ඒ මහතාගේ ධුර කාලය තුළ අවසන් වරට නියැලෙන නිල සංචාරය  වීම ද විශේෂත්වයකි.