ජගත් සිත්තරාගේ දුර්ලභ සිතුවම් ප‍්‍රදර්ශනයක් By None // 2011 නොවැ 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝකයේ මහා කලාකරු වශයෙන් හඳුන්වන ඉතාලි ලියනාර්ඩෝ ඩා වින්චි විසින් කරන ලද සිතුවම් නවයක් ලංඩනයේ ජාතික කලාගාරයේ දී 2012 පෙබවාරි 5 වැනි දා තෙක් ප‍්‍රදර්ශන කැරෙයි. ප‍්‍රදර්ශනය සඳහා මෙම සිතුවම් ගෙන ඒමට මත්තෙන් යුරෝ කෝටි 180කට හෙවත් රුපියල් කෝටි 27900 කට රක්ෂණය කර ඇත. 1452 අපේ‍්‍රල් 15 වැනි දා ඉතාලියේ පිරෙන්සි නගරයේ වින්සි නැමැති කුඩා ග‍්‍රාමයේ උපත ලැබූ ලියනාර්ඩෝ ඉංජිනේරුවකු, මූර්ති ශිලිපියකු හා සිතුවම් කරුවකු වශයෙන් ලෝකයට නොයෙක් නිර්මාණ දායාද කෙළේය. ඉංජිනේරුවකු වශයෙන් ඔහු විසින් නිර්මාණය කැරුණු ගුවන් යානා හා ජල විදුලි බලාගාර වැනි සිතුවම් වසර ගණනාවක් ඉදිරිය බලා කළ නිර්මාණ සේ සැළැකේ. මොනාලිසා අවසන් භෝජන සංග‍්‍රහය වැන සිතුවම්වලින් ඔහු ලෝකය මවිත කෙළේය. වසර 76 ක් ජිවත් වූ ඔහු 1512 මැයි දෙවැනි දා ප‍්‍රංශයේ දී මිය ගියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත