චීන ජාතිකයාගේ නේවාසිකාගාරයේ රහසිගත දැව සැකසුම් මධ්‍යස්ථානයක්


( ඉන්දික අරුණ කුමාර)

ලග්ගල- කළුගඟ ජලාශ යෝජනා ක්‍රමයේ ඉදිකිරිම  සමාගමක  නේවාසිකාගාර කාමරයක් තුළ  රහසිගතව  යාන්ත්‍රික දැව සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙනගිය  චීන ජාතිකයෙකුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවීමට නාඋල මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා නියෝග කළේය.

 
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන  නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට  සැකකරු ඉදිරිපත් කර  තිබිණි.

 
මහේස්ත්‍රාත්වරයා චින ජාතිකයා සතුව තිබු සියලුම යාන්ත්‍රික උපකරණ හා දැව රාජසන්තක කිරීමට නියෝග කළේය.

 
ලග්ගල වන සංරක්ෂක නිලධාරීන් හා  ලග්ගල පොලිසියේ නිලධාරින් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

 
සැකකාර චීන ජාතිකයා සන්තකයේ තිබී කළුවර,බුරුත,නැඳුන්,කොතල හිඹුටු වැනි වටිනා දැව කැබලි රැසක් ,දැව සැකසුම් යාන්ත්‍රික උපකරණ කීපයක්, දැවයෙන් නිමා කල ගෝලාකාර හැඩයෙන් යුත් සැකසුම්  කීපයක්  වැටලීම් කණ්ඩායම විසින් සොයාගනු ලැබුහ.


ලග්ගල වන අඩවි නිලධාරී පි.ජි.එස්.තිසේරා,බිට්ටු වන නිලධරි එස්.එදිරිසිංහ,වන ක්ෂේත්‍ර සහකාර සුරංග විජේරත්න  හා ලග්ගල පොලිසියේ නිලධාරි ඇතුළු කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදුකළහ.