ගොවියාට ත‍්‍රස්තවාදී හංවඩුව එපා


ප්ලාසිටික් ඇසුරුම් භාවිතා කරමින් එළවළු ප‍්‍රවාහනය නොකළැයි චෝදනා කර එළවළු ගොවීන් අත් අඩංගුවට ගෙන දඩ ගසා ත‍්‍රස්තවාදීන්ට මෙන් සැලකීම වහා නතර කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ගොවියා කළ වරද කුමක්ද ඇසූ ඔහු කීවේ ආණ්ඩුවේ මේ අදූර්දර්ශී සහ අකාර්යක්‍ෂම වැඩ පිළිවෙල හේතුවෙන් එළවළු මිල අහස උසට නගිනු ඇති බවයි.