ඉන්දියාවෙන් හා පාකිස්ථාකයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා ඖෂධ වර්ග 22 ක් විනාශ කිරීමට රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතා අද කටුනායකදී නියෝග කළේය.
මේවා රජයේ ඖෂධ සංස්ථාවෙන් හෝ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගුනිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඖෂධය.
මේ අතර ගබ්සා කිරීම සඳහා උපයෝගී කර ගන්නා බාල එන්නත් හා පෙති වර්ග, උපත්පාලන පෙති සහ එන්නත්, මානසික ලෙඩුන්ට දෙනු ලබන පෙති වර්ග, වකුගඩු බද්ධ කිරීමේදී දෙනු ලබන බෙහෙත් වර්ග, හෘද රෝගීන්ට දෙනු ලබන බෙහෙත් මෙන්ම පිලිකා රෝගීන්ට දෙනු ලබන බෙහෙත් වර්ගද විය.
මෙම ඖෂධ වර්ග පරික්ෂා කිරීම සඳහා රේගු අධ්‍යක්ෂක ජනරලා් ජගත් පී විජේවීර, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරුන් වන තිලක් පෙරේරා, එම්. ප‍්‍රමිහරන්, රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක අතුල ලංකාදේව යන නිලධාරීහු ගුවන්තොටුපොළට පැමිණියහ.
එහිදි රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී ව්ජේවීර මහතා පැවසූවේ මෙම බෙහෙත් වර්ග වල ඇති විෂ රසායනික තත්වය පිළිබඳ නොදන්නා මහජනතාව වෙළඳපොළෙන් මිළදී ගතහොත් ඉන් සිදුවන හානිය ඉමහත් බවය.
එමෙන්ම මේවා ප‍්‍රවාහනය කිරීමේදී බොහෝවිට ගුවන් මගීහු අනවසර අයුරින් ගමන් බෑග් තුළ සගවාගෙන ගෙන හෝ ශරීරයේ සගවාගෙන එන බැවින් නිසි උෂ්ණත්වය හා ප‍්‍රමිතියද නැති බැවින් භාවිතය හානිකර බවය..
ඖෂධ මෙරටට ගෙන ඒමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් දීර්ඝ කාලයක් පුරා පවතින බවත් මෙමගින් ඇතැම් ව්‍යාපාරිකයින් අතිවිශාල ලෙස මුුදල් උපයන බවත් පැවසූ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසද මහජනාතාවගෙන් ඉල්ලා සිටින බවද කීය.
තවද ගුවන්තොටුපොළ තොරතුරු ලබා ගැනීමේ ඔත්තු සේවාවන් දියුණු කරන බවත් රේගු නිලධාරීන්ට මේ පිළිබදව විශේෂ පුහුණුවක් ලබා දෙන බවද කීය.