IMG-LOGO

ඩයනාගේ නඩු විභාගය අගෝස්තු 21ට කල් යයි

(තිවංක ජයවර්ධන)

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ජූලි 31 විභාගයට ගැනීමට නියමිතව තිබු නඩුව අගෝස්තු 21 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියම කළාය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාට ජූලි 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමට සිදුව ඇතැයි කියමින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිසිත් අබේසූරිය මහතා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එසේ නියම කෙරිණි.

නීතිඥ නිසිත් අබේසූරිය මහතා ගොනු කළ මෝෂමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබීය.

2014 ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේදි එන්.50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම, වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම, 2016 ජූලි මස සිට 2017 ජූලි මස දක්වාත් 2017 ජූලි මස 17 සිට 2018 ජූලි මස 16 දින දක්වාත්, 2018 ජූලි මස 17 සිට 2019 ජූලි මස 16 දක්වාත්, 2019 ජූලි මස 17 සිට 2020 ජූලි මස 16 දක්වාත්, 2020 සිට 2022 නොවැම්බර් පළවෙනි දින දක්වාත් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සිටිමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකිරීම, ඇතුළු චෝදනා යටතේ මෙම නඩු හත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශෂණ කොට්ඨාශය මගින් ගොනුකර ඇත.

 



අදහස් (2)

ඩයනාගේ නඩු විභාගය අගෝස්තු 21ට කල් යයි

බද්රානි Thursday, 17 July 2025 08:06 PM

ලංකාවේ නීති විරෝධීව රැදී හිටියා මදිවට, පාර්ලිමේන්තුවේත් ඉඳල..? මේක, රටක්ද, එහෙමත් නැත්නම්, අසමජ්ජාති රජකරන ගුබ්බෑයමක්ද..? සාමාන්‍ය ලාංකික පුරවසියෙක් විදේශ රටක පුරවැසිභාවය ගත්තාම, ද්විත්ව පුරවැසිභාවය ලබාගන්න රජයට ඩොලර් 2000ක කප්පමක් ගෙවන්නත් ඕනෑ... දේශපාලනය කරන පාහරයින්ට මේ නීති අදාළ නැද්ද..? මැතිවරණ කොමසාරිස් ඕනෑම බල්ලෙකුට මේ රටේ ඡන්දය ඉල්ලන්න අවසර දෙනවාද..? මේවා ගැටළු වෙන්න කලින් විසඳන්න ලංකාවේ ක්‍රමයක් නැද්ද? මොවුන් මෙතෙක් කල්, රජයෙන් වැටුප් ගත්තා නේද..? මීට වගකිව යුත්තෙක් නැතිද..? ලංකාවේ විශ්ව විද්‍යාලවලින් උපාධි ගත්තු උගතුන් දේශපාලකයින්ට බැල මෙහෙවරකම් කරනවා විනා වෙන මොනවද මේ රටට කරන්නේ.? ලංකාවේ තුප්පහි නීතිඥයෝ මේවා ගැන කතාකරන්න නීතිය දන්නේ නැද්ද..? ශ්‍රී ලාංකික වල් බල්ලෝ ජීවත් වෙන්නේ, රටකද..? එහෙමත් නැත්නම්, විශාල බලු කූඩුවක් ඇතුළේද..? නොදකින්, තවත් මේ අමනයෝ රජකරන රටට කඹුරන්නේ නැතිව පිටරටකට පැනගෙන එහෙවත් සතුටින් ජීවත් වෙයල්ලා. ඒ රටවලටත් පිංගුත්තර ලංකාවේ පූජකයෝ එවලා, රටේ සංස්කෘතිය ගැන පාරම්බාලා උඹලා හම්බකරන තුට්ටු දෙකත් ගසා කනවා නේද..? තව හොඳට හිතපල්ලා මෝඩයිනේ...

:       0       5

Perakum Liyanagama Thursday, 17 July 2025 08:22 PM

පහුගිය ආණ්ඩු වලින් නම් කොමලේ දාලා මුකුළු කරලා බේරුණාට දැන්නම් ඒවා බොරු...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site