“හැරී පොටර්” චිත්‍රපට මාලාවේ හර්මයිනිගේ චරිතය නිරූපණය කරමින්, ලොව කාගේත් ආදරය දිනූබ්රිතාන්ය නිළි එමා වොට්සන්ට මාස හයකට රිය පැදවීම තහනමක් නිකුත් කර ඇත.
ඒ, 35 හැවිරිදි ඇය 2023 ජූලි 31 වනදා ඔක්ස්ෆර්ඩ් නගරයේ පැයට සැතපුම් 38 ක වේගයෙන් රිය පදවීම සම්බන්ධයෙන් වනරදකාරිය වීම නිසාය.
ඊට අදාළ නඩුව ඊයේ (16) හයි වයිකොම්බ් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති අතර, වොට්සන් එම නඩු විභාගය සඳහා පෙනී සිට නැත.
අධිකරණය විසින් ඇයට පවුම් 1,044ක ( ඇමෙරිකානු ඩොලර් 1,400කට ආසන්න) දඩයක් නියම කළ අතර, ඇය රිය පැදවීම සඳහා නුසුදුසු යැයි තීරණය කළ බව පැවැසෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හැරී පොටර් නිළියට රිය පැදවීම තහනම්