කෝටි 30 ක හෙරොයින් සමඟ තිදෙනකු දිවුලපිටියේදී අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

දිවුලපිටිය, උල්ඇළපල , මිල්කාසිවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී කිලෝ 30 කට අධික හෙරෙයින් ප්‍රමාණයක් සමඟ තිදෙනකු අද ( 18) දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන  ඇත.
 
පොලීසියට ලද තොරතුරක් අනුව අද පෙරවරුවේ මෙම වැටලීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම හෙරොයින්වල  වටිනාකම කෝටි 30 කට ආසන්න බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.

( ඡායාරූප - පුෂ්පකුමාර මල්ලවආරච්චි)