කොටුව-මහනුවර සතිඅන්ත දුම්රිය හෙටත්


(මහින්ද නිශ්ශංක)
 
සතිඅන්තයේ ප.ව. 5.20ට කොළඹ කොටුව සිට මහනුවර බලා යන අංක 1033 දර දුම්රිය හෙට(12) දිනයේද එම වේලාවටම කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
පෝය දිනය නිමිත්තෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා මෙම දුම්රිය ධාවනය කෙරෙන අතර, නැවත අනිද්දා (13) පෙ.ව. 5.50ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොටුව බලා ධාවනය කෙරේ.