(රොමේෂ් මධුෂංඛ)
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කළ බවට සැකකරන එම සංවිධානයේ නිල නාමය ඇතුළත් ජී.පී.එස්. යන්ත්‍රයක් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියකුට හමු වී ඇත.
කොටි සංවිධානයේ නිල නාමය වූ ත.වී.පූ. (තමිල් විඩුදලෙයි පුලිකල්) 055 නැමති අංකය දරණ අදාළ ජී.පී.එස්.යන්ත්‍රය මුල්ලි වයික්කාල්හි නැවත පදිංචි වැසියකු විසින් සිය ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී අඩියක් පමණ ගැඹුරින් වළ දමා තිබියදී හමු වී තිබේ.
පසුව අදාළ වැසියා විසින් ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇති අතර අවසන් යුද සමයේ දී කොටි සංවිධානයේ සාමාජිකයකු විසින් මෙම ජී.පී.එස්. යන්ත්‍රය සඟවන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය සැක පළකර සිටියි.


