කරූ ජයසූරියට ගෞරව සම්මානයක්


(ඩයනා උදයංගනී)

‘ප්‍රජාතන්ත්‍රවාදී හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා’ ලෙස එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානය මගින් කතානායක කරු ජයසූරිය මහතා නම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් මෙම නම් කර ඇත.

එම ගෞරව සම්මානය කතානායක කරු ජයසූරිය මහතා වෙත පිරිනැමීම කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි.

භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මහතා, ඇමෙරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මහත්මිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.