ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතනයක් සමග ගිවිසුමක්


(දිල්රුක්ෂි ග්‍රේරු)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ජියෝ සයන්ස් ඕස්ට්‍රේලියා රාජ්‍ය ආයතනය අතර විද්‍යාත්මක  හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව  අවබෝධතා ගිවිසුමකට  එළැඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාව  සහ ඕස්ට්‍රේලියානු රජය අතර භූ විද්‍යා හා ඛනිජ ක්ෂේත්‍රවලට අදාළව දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභයන් අත්කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික හුවමාරුව මෙම අවබෝධතා ගිවිසුම මගින් ක්‍රියාත්මක කෙරේ. 

මහවැලි සංවර්ධන හා පිරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.