එක්සත් ජාතික පෙරමුණ - චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුම හෙට


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පෙරමුණ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී හෙට (1) පෙරවරුවේ සිදුකෙරේ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් එක්විමට නියමිතය.