(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බිරිඳට එල්ල කල උදලු මිට පහරක් හිසට වැදී තම දරුවා මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර පියා නොවැම්බර් 14 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (31) නියෝග කළේය.
බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි නීල් ජයරත්න නැමැති 39 හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
බිරිඳට එල්ල කල උදලු මිට පහර හිසට වැදීමෙන් ඉකුත් අගෝස්තු 09 වැනිදා, බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නවින් ධනංජය නැමැති 17 හැවිරිදි දරුවා මිය ගියේය.
සැකකාර පියා අගෝස්තු 09 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

