උතුරු පළාතේ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීමට විරුද්ධව හා බන්ධනාගාරයන්හි රඳවා සිටින දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙසත් යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබලන ලෙසත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ‘එළුංග තමිල්’ විරෝධතා රැලිය යාපනයේදී පැවැත්විණි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන් ‘දෙමළ ජනතාවගේ නැගිටීමේ හර්තාලය’ වෙනුවෙන් යාපනය නගරයේ සියලු කඩසාප්පු වසා තිබිණි.යාපන විශ්ව විද්‍යාලය අසලින් හා යාපනය නල්ලූර් කෝවිල අසලින් විරෝධතා පෙළපාලිය ආරම්භ කර යාපනය මුද්‍රවේලි ක‍්‍රිඩාංගනය වෙත පැමිණියේය.
අතුරුදන්වූවන් සොයාදීම, උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම හා උතුරු නැගෙනහිර පළාත් සඳහා බලතල ඉල්ලීමට මේ වැඩසටහන පැවැත්වු බවත් මෙය මධ්‍යම රජයට හෝ සිංහල ජනතාවට එරෙහිව සිදුකරන විරෝධතාවයක් නොවන බවත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීමට කරන විරෝධතාවක් බවට විග්නේශ්වරන් පැවසීය.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පවත්වන විරෝධතා වැඩසටහන හේතුවෙන් දකුණේ සිංහල ජනතාව හා බෞද්ධයින් මෙම කාරණාව වරදවා නොවටහාගත යුතු බවටද ප‍්‍රධාන අමාත්‍යවරයා කීවේය.
රටේ භීෂණයක් මවා දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම විරෝධතාවයේ අරමුණ නොවන අතර, දෙමළ ජනතාව වෙනුවෙන් පවතින ගැටළු වෙනුවෙන් සාධාරණය ඉල්ලීම විරෝධතාවයේ පැවැත්වීමේ අපේක්ෂාව වන බවත් හේ පැවසීය.
විරෝධතාවය නිසා යාපනය නගරයේ ගමනාගමනය අඩාල විය.යාපනය නගරය පුරා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක‍්‍රියාත්මක කොට තිබු බව යාපනය පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේය.
විරෝධතාවයට සහය පළකරමින් උතුරේ ව්‍යාපාරික ස්ථාන වසාදමන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයා වවුනියාව , මන්නාරම , කිලිනොච්චිය හා මුලතිව් හි වෙළෙඳ සංගම්වලින් ඉල්ලීම් කොට තිබූ අතර යාපනය නගරයේ පමණක් වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබුණි.
ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර ,ප්ලොට් සංවිධාන නායක ටි.සිද්ධාර්තන් , සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රස් පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු ප‍්‍රාදේශිය දේශපාලඥයෝ රැසක් විරෝධතාවයට සහභාගීවී සිටි අතර ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂයේ හෝ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලඥයින් කිසිවෙක් විරෝධතාවයට සහභාගී නොවූහ.