(රොමේෂ් මධුෂංඛ)
යාපනය, කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදේ ධීවර කටයුතු සඳහා පැමිණි ඉන්දීය ධීවරයින් 5,000ක් පමණ ආපසු හරවා යැවූ බව නාවික හමුදාව පවසයි.
කච්චතිව් දුපතේ ඉන්දීය ධීවරයින් විසින් ධීවර කටයුතුවල නිරත වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධි ක්‍රියාවක් බව මීට සිටම දැනුම් දී තිබු බව නාවික හමුදාව කියයි.
යාත්‍රා කිහිපයක තිබු ධීවර ආම්පන්න සහ දැල් පැහැරගෙන ඇති බවද ඉන්දීය ධීවරයින් හා දකුණු ඉන්දියාවේ විවිධ සංවිධාන මගින් නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබිණි.
නාවික හමුදාව පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කරමින් කච්චතිව් දූපතේ ධීවර කටයුතුවල නිරත වීමට සම්පූර්ණයෙන්ම නීති විරෝධි බවත් ඉන්දීය ධීවරයින්ට කච්චතිව් දූපත වෙත පැමිණිය හැකි වන්නේ ධිවර දැල් සහ ආම්පන්න වෙලා ගැනීමට හෝ විවේකිව ගත කිරීමට පමණක් බවටය.
නමුත් ඉන්දීය ධීවරයින් සංවිධානාත්මකව කච්චතිව් දූපත ආශ්‍රිත ප්‍රදේශවල ධීවර කටයුතු නිරත වීමට උත්සහ ගන්නා බවද එහිදී ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

