( පාලිත ආරියවංශ )
නාය යාම සමඟ වසා දැමුණු ඇල්ල වැල්ලවාය මාර්ගයේ කඩා වැටීමේ අවදානමක් ඇති ගල් කුට්ටි කඩා ඉවත් කිරීම මේ වන විට අරඹා ඇති බැවින් තවදුරටත් මාර්ගය වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය.
අඩි 750 ක පමණ ඉහළ සිට මෙම ප්‍රදේශයේ ගල් කඩා වැටී තිබූ අතර තව දුරටත් අවදානමක් පවතින ස්ථානයන්හි ගල් කඩා ඉවත් කිරීම මාර්ගය වසා දමා පෞද්ගලික ආයතනයක් විසින් අරම්භ කර තිබේ.
මේ වන විට එම ගල් ඉවත් කෙරෙන ප්‍රදේශයේ දියපහර මතුවීම නිසා එම කටයුතුවලට බාධාවක් ඇති වී ඇතැයිද කෙසේ නමුත් තවත් දින පහකින් පමණ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි වෙතැයිද කොන්ත්‍රාත් සමාගම සඳහන් කරයි.
මේ හේතුවෙන්ම ඇල්ල සිට රාවණා ඇල්ල තෙක් මාර්ගයේ ඇති වෙළසැල, හෝටල් වසා දැමීමට සිදුව තිබේ.එම මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.
මෙම මාර්ගය වසා දැමීමෙන් සාමාන්‍ය ජනතාව දැඩි අසීර්තාවට පත්ව සිටින අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ඔවුන්ට දැනුම් දී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
පසුගිය 25 වැනිදා සිට මාර්ගය වසා දමා ඇති අතර යළි විවෘත කරන දිනය පිළිබඳව කිසිදු දැනුම්දීමක් තවමත් සිදු කර නොමැත.



