(පාලිත ආරියවංශ )
ඇල්ල- වැල්ලවාය මාර්ගය තව දුරටත් තාවකාලිකව වසා දැමීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්චාවකදි තීරණය කෙරිණ .
මෙම මාර්ගයේ රාවණා ඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රදේශයේ ගල් කඩාවැටීමේ අවදානම ගැන සලකා තව දුරටත් මාර්ගය වසා තැබීමට තීරණය වූ අතර හෙට(29) දිනයේ සිට ගල් ඉවත්කිරීමේ කටයුතු ආරම්භ කිරිමට මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් භාර අධ්‍යක්ෂ ටී.කේ.එම් ගලප්පත්ති මහතා එකඟ විය .
මේ ස්ථානයට දිගුකාලින විසදුමක් අනිවාරියයෙන් ලබාදිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයන් මෙහිදි පෙන්වා දුන්හ .
අඩි 150 පමණ ඉහළ සිට නාය ක්‍රියාත්මක වී ගල් කඩාවැටී ඇති බව අනාවරණය විය .
තව දුරටත් කඩාවැටීමේ අවධානමක් ඇති පර්වතයේ ඉහළ කොටසේ දැවැන්ත ගල් ඉවත්කිරීමේ කටයුතු ඒ පිළිබදව දැනුමක් ඇති පුද්ගලික සමාගමකට පැවරීම සදහා සාකච්ඡා කළ අතර ඔවුන් ගෙන්වා හෙට සිටම එම කටයුතු ද ආරම්භ කරන ලෙසට දිස්ත්‍රික් ලේකම් වරිය මර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය .
මේ අනුව ඉක්මනින් මාර්ගයේ අවධානම් ගල් ඉවත්කර ජනතාව පත්ව ඇති අසීරුතාවෙන් මුදාගන්නා බවද දිස්ත්‍රික් ලේකම් වරිය අවධාරණය කළාය .



