ඇල්පිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අදින් අවසන්


(ඩි.ජී.සුගතපාල)
 

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු අද  (08) රාත්‍රි 12න්පසු අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පවසයි.
 

ඒඅනුව හෙට (09)සිට නිති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන ඕනැම අයෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසිය.
 
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා තෝරාපත් කර ගනු ලබන සභික සංඛ්‍යාව 28කි.එම සංඛ්‍යාවෙන් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරාපත් කරගනු ලබන අතර සමානුපාතින නියෝජනය යටතේ පත්කර ගනු ලබන සභික සංඛ්‍යාව 11කි.
 
පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5කින් නාම යෝජනා ඉදිරිපත් කර තිබින.එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,පොදුජන පෙරමුණ,ප්‍රජාතන්තුවාදි එක්සත් ජාතික පෙරමුණ,ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙනු ලැබු අතර ප්‍රජාත්නත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියොජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත බාර දිම නිසා ඉදිරිපත්වු  විරොධතාවයක් සළකා බැලිමෙන් පසුව එම නාම යොජ්නා පත්‍රය පතික්ෂේප කරන ලදි.

පසුව එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  ගොනුකරමින් තම නාම යෝජනා පත්‍රය පිලිගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්විම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
 
පෙත්සම සළකා බැලු ශ්‍රේෂඨාධිකරණය එම නඩුව අසා අවසන් වනතුරු  ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසිම පැවැත්විම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් 2018 ජනවාරි 30වනදින නිකුත් කලේය. ඒ අනුව 2018 පෙබරවාරි 10වනදින පැවති  පළාත් පාලන මැතිවරණයේදි ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්විණි.
 
මේ අතර පසුගිය අගෝස්තු 30වන දින ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කරන ලදී.ඒ අනුව ඔක්තෝබර් මස 11වනදින මැතිවරණය පැවැත්විමට නියම කරන ලදි.
  
මැතිවරණය ප්‍රකාශයට පත්කල දිනසිට සුලු සුලු සිද්ධින් කිහිපයක් හැරෙන්නට මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බවත් උපරිම ආරක්ෂාව යොදවා ඇති බවත් ඒ මහතා කිය.
 
තේරිම් භාර නිලධාරි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ ප්‍රදේශයේ උපරිම ආරක්ෂාව යොදවා තිබෙන අතර මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරින් 800කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවය.එයට අමතරව හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම ප්‍රදේශවලට නිලධාරින් සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා බෝට්ටු සහ සහන සේවා කණ්ඩායම් සූදානම් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසිය.
 
 .