ආනන්ද සමරසේකරට වරෙන්තු


(නිමන්ති රණසිංහ)

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව තොරතුරු වසන් කළැයි එහි තුන්වැනි සැකකරු වූ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (31) වරෙන්තු නිකුත් කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී තුන්වැනි සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි.