අවසන් මොහොතෙත් අපේක්ෂකයෝ 8 ක් ඇප බදිති


(රංජන් කස්තුරි)

ඇප මුදල් බාරගන්නා අවසන් දිනය වූ අද (06) දිනයේ අපේක්ෂකයින් 8 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබිණි.

එම අපේක්ෂකයින්ගෙන් පස් දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් වන අතර තිදෙනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කරති.

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයින් 41 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

1982 පැවැති ප්‍රථම විධායක ජනාධිපතිවරණයෙන් පසුව වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග කරන මැතිවරණය මෙයවීම විශේෂත්වයකි.

ඉකුත් 2015 පැවැති ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 19 දෙනෙකු තරග කළ අතර මෙවර එම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිවීම ද විශේෂත්වයකි.