(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් මේ වන විට රාජගිරිය සරණ පාරේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණෙමින් සිටී.
ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි, එක්සත් සමාජවාදී පක්ෂයේ අපේක්ෂක සිරිතුංග ජයසූරිය, නව සිහල උරුමය අපේක්ෂක සරත් මනමේන්ද්‍ර, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ අපේක්ෂිකා අජන්තා පෙරේරා, ස්වාධීන අපේක්ෂකයින් වන මහීපාල හේරත්, ජයන්ත කැටගොඩ, සමරවීර වීරවන්නි, මහත්ම මහත්මීහු මේ වන විටත් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති.
8.38 : පෙරටුගාමී සමාජවාදී පක්ෂ අපේක්ෂක දුමින්ද නාගමුව පැමිණි අතර , එම පක්ෂයේ සාමාජිකයන් වන කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ මහත්වරුන් ද ඔහු සමඟ පැමිණියහ.
8.45 :ස්වාධීන අපේක්ෂකයින් වන අනුරුද්ධ පොල්ගම්පළ, සමන්සිරි හේරත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණෙති.
8.53: ශ්‍රී ලංකා කම්කරු පක්ෂ අපේක්ෂක ඒ.එස්.පී ලියනගේ මහතා පැමිණියේය.
9.21:ජාතික ජනතා පක්ෂ අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක කොමිෂන් සභාවට පැමිණේ
9.24:එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැමිණේ
9.33:ස්වාධීන අපේක්ෂක එම්. එල්.ඒ.එම්හිස්බුල්ලා මහතා පැමිණියේය.
9.36:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේය.ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂක චමල් රාජපක්ෂ මහතාද ඔහු සමඟ පැමිණ සිටියේය .
අපේක්ෂකයින්ට සහය පළ කරමින් මෙ වන විට මැති ඇමැතිවරු රැසක් කොමිෂන් සභාවට පැමිණ සිටින අතර පක්ෂ ආධාරකරුවෝද සරණ මාවත දෙපස රැදී සිටිති.
10.36 පෙ.ව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක ආරියවංශ දිසානායක මහතා දැන් කොමිෂන් සභාවට පැමිණියේය.
11.28 : විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණියේය.










( ඡායාරූප - ලහිරු හර්ෂණ )

