ඉදි කෙරෙමින් පවතින අධිවේගී මාර්ග ජාලයේ කොටස් කිහිපයක් හෙට (08) සිට රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරන බව මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
හෙට මධ්‍යම රාත්‍රී 12 සිට එම මාර්ග කොටස් විවෘත කිරීමට නියමිතය.
මේ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ( E-03) දක්ෂිණ අධිවේගී මාර්ගයේ ( E-01) සමඟ කෙරවලපිටිය අන්තර්හුවමාරුවේදී පිටත වටරවුම් මාර්ගය ( E-02) සම්බන්ධවේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වාත් අන්දරවැව සිට හම්බන්තොට දක්වා සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ග කොටස් මෙලෙස විවෘත කෙරේ.
මෙම සම්බන්ධවීම් සමඟ දැනට අය කරන ගාස්තුද සංශෝධනය වන බවද පවසන මාර්ග සංවර්ධන අධිකාරිය විද්‍යුත් ගාස්තු ගෙවීමේ ක්‍රමය නැවත දැනුම් දෙන තුරු කෙරවලපිටිය අන්තර්හුවමාරුවේ ක්‍රියාත්මක නොවන බවද සඳහන් කරයි.


