අත - පොහොට්ටු ගිවිසුම් අත්සන් කිරීම හෙට


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හෙට (10) සුබ ‍ මොහොතින් සිදුකරන බව නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ගිවිසුම් අත්සන් තැබීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පෙරවරු 10.10‍ට සිදුකෙරෙන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතය.